සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වුන අවසන් විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පිල තීරණය කළේය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 147 ක් රැස් කර ගත්තේය. ඒ අනුව ලකුණු 148 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම ඕවර 20ක් අවසානයේ ලකුණු 134 කට සීමා කිරීමට නායක දසුන් ශානක ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් විය.
මංගල විස්සයි20 ජාත්‍යන්තර තරගයට සහභාගි වූ ඕෂධ ප්‍රනාන්දු, වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 46 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 78 ක් රැස්කළේය. වනිඳු හසරංග, ලකුණු 27 කට කඩුලු 3 ක් දවාගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයට මඟ පෑදුවේය.
අවමානයෙන් ගැළවීම උත්සාහය
පාකිස්තානය පූර්ණ තරගාවලි පරාජයක අවමානයෙන් ගැළවීම සදහා උත්සාහ ගත්තද ශ්‍රී ලංකා දෙවෙන පෙළ කණ්ඩායම ලෙස නම් දැරු කෝඩුකාර සිංහ පැටව්ගෙන් බේරිමට නොහැකිවීම ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ආඩම්බරයකි.
ඉතිහාසගත ජයක්
දෙරට අතර පැවැති විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගැනීමට සමත් විම ඉතිහාසගත වූයේ පාකිස්තානය එරට දී ම 20යි 20 තරගාවලියකින් පරාජයට පත් කළ පළමු කණ්ඩායම ලෙසයි.
එපමණක් නොව ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාවද මෙය වීම විශේෂත්වයක්.
විශීෂ්ඨ නායකත්වයක්
20 විස්ස තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියලු දෙනාම තව වගකීම නිවරදි ලෙස ඉටු කළ හෙයින් තරගාවලි ජයක් ශ්‍රී ලංකාවට හිමි කරගැනීමට හැකි වූ බවයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක සඳහන් කරයි.
පරාජ ලේබලයට තිත
ආරක්ෂක හේතුන් මත ප්‍රවීණ හා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් යැයි කියන ලේබල් ගසාගෙන සිටි ක්‍රීඩකයන් සහභාගි නොවූ නවක ක්‍රීඩකයින් පිරිසක් සහිත ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානය සමග පැවැති විස්සයි20 තරගාවලිය 3-0 ක් ලෙස ජය ගැනීමට සමත්වීම පසුගිය කාලයේදි ලද පරාජ අවමානයෙන් ගැලවීමේ පළමු තරඟවලිය ලෙස නම් දරන බව ක්‍රිකට් ක්‍රිඩා ලෝලින් පවසයි.
තරගාවලියට පිටත්ව යෑමට පෙර ජ්‍යෙෂ්ඨයින්ට රතු නිවෙදන දුන් තේරීම් කමිටු සභාපති
පාකිස්තානයේදී මෙම තරගාවලිය ආරම්භවීමට පෙර තේරීම් කමිටු සභාපතිවරයා සංචාරයට සහභාගී නොවී සිටි ක්‍රීඩකයන් තමන්ගේ අවස්ථාව තරුණ ක්‍රිඩකයන්ට නිකම්ම ලබාදීම යම් අවදානමක් බව කලින්ම අවධාරණය කර සිටියේය.
සබෑදි පුවත්
– T20 කණ්ඩායමෙන් ජ්‍යෙෂ්ඨයින් හළයි
– ශ්‍රී ලංකා පාකිස්ථාන අවසන් T20 තරගය අද
– දෙවන පෙළ කණ්ඩායමක් ලෙසයි අපිව සැළකුවේ
– කෝඩුකාර සිංහයෝ අංක එකේ T20 කණ්ඩායම හඬවයි
– ශ්‍රී ලංකාවට තරගාවලි ජයක්
– කෝඩුකාර සිංහයෝ අංක එකේ T20 කණ්ඩායම හඬවන්න සුදානම්
– දසුන්ගේ නායකත්වයෙන් සිංහයිට අතිවිශිෂ්ට ජයක්
– ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට ජයග්රාහි බාලාපොරොත්තුවක්