ලිදුල සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාල යටතේ පාලනය වන ආගරපතන ඩයගම සන්දිරිගම ග්‍රාමසේවා වසමේ තේ කර්මාන්ත ශාලාවට යාබදව පිහිටි සන්දිරිමලේ කොටස සහ ඩයගම රජයේ සත්ව ගොවිපොල හුදකලා කල බව ලිදුලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.
ඩයගම රජයේ සත්ව ගොවිපලේ සේවකයින් 43 දෙනෙකු අසාදිතයන් බවට හදුනාගත් බවත්, එම අසාදිතයන් 43 දෙනා අතර, අසාදිතයන් සිව් දෙනෙකු ඩයගම රජයේ සත්ව ගොවිපලට යාබදව පිහිටි සන්දිරිගම වතු යායේ පදිංචිකරුවන් බවත්,අසාදිතයන් සිව් දෙනා ඩයගම රජයේ සත්ව ගොවිපලේ සේවය කරන අය බවට තහවුරු වි ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
ඩයගම රජයේ සත්ව ගොවිපලේ ගවයන් 700 දෙනෙකු පමණ ඇති කරන අතර,එම සතුන්ගේ දෛනික කටයුතු සදහා බාධාවක් නොවන සේ එම ගොවිපොල හුදකලා කරන බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
ඩයගම රජයේ සත්ව ගොවිපොල හුදකලා කිරිම සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා , ප්‍රාදේශිය වසංගත රෝග වෛද්‍යයවරයා සහ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් එම ගොවිපලට ගොස් ගොවිපලේ පාලන අධිකාරිය සමග සාකච්ඡා කර ගොවිපල සහ ඊට යාබදව පිහිට සන්දිරිගම වතු යාය හුදකලා කිරිමට තිරණය කර ඇත.
හුදකලා කර ඇති ඩයගම රජයේ සත්ව ගොවිපලේ දෛනික කටයුතු රජයේ වෙනත් සත්ව ගොවිපොලවල් වල සේවකයින්ගේ සහයෝගය ලබාගෙන සිදු කරගෙන යාමට ඩයගම රජයේ සත්ව ගොවිපලේ පාලන අධිකාරිය කටයුතු කර ඇත.
වටවල සහ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ග්‍රාමසේවා වසම් කිහිපයක් හුදකලා කෙරේ
අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන වටවල වැලිඔය ග්‍රාමසේවා වසම සහ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ලොනැක්,ලක්ෂපාන මිල්ලගහමුල,ලක්ෂපාන මොරහේනගම යන ග්‍රාමසේවා වසම් (25) දින උදැසන සිට හුදකලා කල බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙකු පැවසිය.
වටවල පොලිස් වසමට අයත් වැලිඔය වතු යායේ සහ නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ලොනැක් , ලක්ෂපාන මිල්ලගහමුල , ලක්ෂපාන මොරහේනගම යන ප්‍රදේශවලින් පසුගිය දින කිහිපය තුල කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් ගණනාවක් හමුවිම නිසා එම ග්‍රාමසේවා වසම් හුදකලා කිරිමට පියවර ගත් බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.
හුදකලා කර ඇති ප්‍රදේශවල දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා ඇති අතර, හුදකලා කර ඇති ප්‍රදේශවල පදිංචිකරුවන්ට පිටතට ඒමට හෝ පිට ප්‍රදේශවල සිටින අයට හුදකලා කර ඇති ප්‍රදේශවලට ඇතුල්විම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇත.
තලවකැලේ තේ පර්යේෂණ ආයතනය සහ හුදකලා කර ඇති සෙන් කුම්බ්ස් වතු යායෙන් නව අසාදිතයන් 29 දෙනෙකු හදුනා ගැනේ , තවදුරටත් එම වතු යාය හුදකලා කර තැබිමට පියවර
කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් ගණනාවක් හමුවිම නිසා තාවකාලිකව වසා දමා ඇති තලවකැලේ තේ පර්යේෂණ ආයතනයෙන් සහ හුදකලා කර ඇති තලවකැලේ සෙන් කුම්බ්ස් වතු යායෙන් නව අසාදිතයන් 29 දෙනෙකු (24) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව හදුනාගත් බව ලිදුලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසිය.
සෙන් කුම්බ්ස් වතු යායෙන් අසාදිතයන් 25 දෙනෙකු සහ තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ අසාදිතයන් 04 දෙනෙකු ඒ අතර අතර සිටින බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ.
තලවකැලේ තේ පර්යේෂණ ආයතනයෙන් සහ ඊට යාබදව පිහිට සෙන් කුම්බ්ස් වතු යායෙන් අසාදිතයන් 38 දෙනෙකු මිට ප්‍රථම හදුනාගත් බවත්,එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන් 150 දෙනෙකුගෙන් සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 29 දෙනා හදුනාගත් බවත්,පවත්නා අවධානම් තත්ත්වය මත තලවකැලේ තේ පර්යේෂණ ආයතන තවදුරටත් තාවකාලිකව වසා දමා සෙන් කුම්බ්ස් වතු යාය තවදුරටත් හුදකලා කර තැබිමට පියවර ගත් බවයි ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා වැඩි දුරටත් කියා සිටියේ.
හැටන් – රංජිත් රාජපක්ෂ