Aboutceylon Online

කොරෝනා අස්සේ මැණික් ගරා මාට්ටූ වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සංචරණ සිමා පනවා තිබියදි හුදකලා කර ඇති ප්‍රදේශයක බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු  සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

බගවන්තලාව සිට කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයට බගවන්තලාව මොරා තේ වතු යායේ සිට ජලය ගලා බසින ඇළ පහරක් හරස් කරමින් විශාල වලවල් හරහා මෙම සැකකරුවන් දෙදෙනා පරිසර හානියක් සිදු කරමින් මැණික් ගරමින් සිටි බවයි වැටලිම සිදු කල බගවන්තලාව පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක් අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා එම වතු යායේම පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර සැකකරුවන් දෙදෙනාට නිරෝධායන රොගුලාසි උල්ලංඝනය කිරිම සහ බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගැරිම යටතේ චෝදනා යටතේ හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගන්නා බවයි බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top