තායිලන්තයේ කාවෝ – යායි ජාතික වනෝද්‍යානයේ පිහිටි හෙව් නරොක් දියඇල්ලෙන් ඇද වැටී මියගිය තවත් වන අලි පස්දෙනෙකුගේ සිරුරු තායි බලධාරීන් ඩ්‍රෝන කැමරාවක් යොදාගෙන නිරීක්ෂණය කර ඇත.
අලි හයදෙනෙකු පසුගිය සෙනසුරාදා ජීවිතක්ෂයට පත්වූ අතර, දියඇල්ලේ ප්රපාතය අසලට පැමිණි වන අලි දෙදෙනෙකු බේරා ගැනුනා.
අපායේ ඇල්ල යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම දියඇල්ල දැන් සංචාරකයන් සඳහා වසා දමා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.