ධාවනය වෙමින් තිබු ට්රැක්ටර් රථයක ටේලරය ගැලවි ප්රධාන මාර්ගය හරහා පෙරලිමෙන් එම ටේලර් රථයේ ගමන් ගත් වතු කම්කරු කාන්තාවන් 21 දෙනෙකු නුවරඑලිය මහ රෝහල වෙත (21) දින ඇතුලත් කල බවත්,ඉන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රාගල පොලිසිය පැවසිය.
(21) දින උදැසන 8 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ රාගල උඩුපුස්සැල්ලාව ප්රධාන මාර්ගයේ රාගල මැදවත්ත ප්රදේශයේදිය.
රාගල වත්තේ සිට එම වතු යායට අයත් සෙන් ලෙනාඩ් වතු යායේ තේ දළු නෙලිම සදහා වතු කම්කරුවන් 27 දෙනෙකු රැගෙන අධික වේගයෙන් ධාවනය වි ඇති ට්රැක්ටර් රථයෙන් ටේලරය ගැලවි ටේලරය ප්රධාන මාර්ගය හරහා පෙරලිමෙන් මෙම අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන රාගල පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් කියා සිටියේ.
ට්රැක්ටර් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවත්, ඔහු නුවරඑලිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව රාගල පොලිසිය පැවසිය.
හැටන් – රංජිත් රාජපක්ෂ