කොවිඩ් 19 වෛරසය තවදුරටත් පැතිර යාමේ අවධානම හේතුවෙන් නගරවලට ජනතාව පිවිසම අවම කිරිම සදහා සෞඛ්‍ය අංශ විසින් හදුන්වාදුන් හැදුනුම්පතෙහි ඔත්තේ ඉරට්ටේ අංක ක්‍රමයට පාරිභෝගිකයන් නගරයට පිවිසෙන ක්‍රමවේදය හැටන් නගරයේ ක්‍රියාත්මක නොවන ආකාරයක් අප කැමරාවේ සටහන් විය.
හැටන් නගරයේ පදික වෙලදුන් රැසක්ද (21) දින තම ව්‍යාපාර කටයුතු සිදු කරගෙන යනු ලැබුවේ කිසිදු සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය නොකරමිණි.
නගරයට පැමිණි ඇතැම් පාරිභෝගිකයන්ද මුඛ ආවරණ නිසි ලෙස නොපැලද සිටින ආකාරයක් සහ ඔත්තේ ඉරට්ටේ ක්‍රමය අනුගමනය නොකරමින් හැටන් නගරයේ කුලි රථ රියදුරන්ද නගරය පුරා ත්‍රිරෝද රථ ගාල් කර ඇති ආකාරයක්ද අපට දක්නට ලැබුණි.
හැටන් – රංජිත් රාජපක්ෂ