2021 මැයි 07 දින සිට මැයි 20 දක්වා සිදුව ඇති කොවිඩ් 19 ආසාදිත රෝගීන්ගේ මරණ 38 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරගෙන තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 1,089ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එය මෙරට දෛනික වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව බවයි සඳහන් වන්නේ.
මියගිය පුද්ගලයින් උඩුකිඳ, ලුණුගල, බලංගොඩ, කටුනායක, බාඳුරුගොඩ, කොච්චිකඩේ, මීගමුව, තලාතුඔය, බණ්ඩාරකොස්වත්ත, බොරැල්ල, පාදෙණිය, තෝරයාය, පොල්ගහවෙල, ගල්ගමුව, සියඹලාපේ, මතුගම, එතැනවත්ත, නාවලපිටිය, කුරුණෑගල, යටියන්තොට, බෙලිහුල්ඔය, නෑබඩ, කැකුණුගොල්ල, නිකවැරටිය, වරකාපොළ, අම්පිටිය, මාරස්සන, රජවේල්ල, උඩිස්පත්තුව හා හබරාදුව යන ප්‍රදේශවලින් වාර්තා වනවා.
මොවුන්ගේ මරණවලට මුලික හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාව, දියවැඩියාව, හෘද රෝග ඇතුළු නිදන්ගත රෝග ආශ්රිත සංකූලතා වන බවයි සඳහන් වන්නේ.
සිනොවැක් එන්නත් කර්මාන්තශාලාව මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශයේ ආරම්භ කිරීමට යෝජනා වී ඇත.
කොවිඩ් මර්දන සිනොවැක් එන්න ත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්,පසුගිය දා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය ලැබුණු අතර චිනයේ සිනොවැක් බයෝටෙක් සමාගම ,කෙලුන්ලයිෆ් සයන්සස් සමාගම සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම එක්ව එම එන්නත් නිෂ්පාදනය කිරීමට තීරණය වී ඇත.
අද (21) රාත්‍රි 11.00 සිට අගහරුවාදා (25) අලුයම 04.00 දක්වා දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
25 වැනිදා අලුයම 4. 00ට සංචරණ සීමා පැය 19ක කාලයක් සඳහා ඉවත් කෙරෙන අතර, යළි එදිනම (25) රාත්‍රි 11. 00ට සංචරණ සීමා ක්‍රියාත්මක කෙරෙන අතර, එය 28 වැනිදා අලුයම 04.00 දක්වා ක්‍රියාත්මක කෙරේ.
මේ කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවා සඳහා රාජකාරි සඳහා යන සේවකයන්ට සිය ආයතනවල ප්‍රධානියාගෙන් ලද අවසරය ඇතුළත් ලිපිය සහ රාජකාරි හැඳුනුම්පත අතැතිව ගමන් කළ හැකි වන අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ ප්රවාහනයටද අවසර දී ඇත.
කොවිඩ් වයිරසය දරුණු ලෙස ව්‍යාප්ත වන බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් හැකිතාක් නිවෙස් තුළටම වී සිටින ලෙස මෙරට ජනතාවගෙන් යුද හමුදාපතිවරයා ඉල්ලා සිටියේය.