කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග දින තුනක් තිස්සේ පනවා තිබෙන දැඩි සංචරණ සිමා හේතුවෙන් කුස ගින්නේ සිටි හැටන් නගරයේ අයාලේ යන සුනඛයින්ට සහ කපුටන්ට ආහාර ලබාදිමේ වැඩසටහනක් සිදු කෙරිණ.
හැටන් මුලස්ථාන පොලිසියේ අවසර ඇතිව හැටන් ප්රදේශවාසින් පිරිසක් ආහාර පිලියෙල කර පොලිස් නිලධාරින්ගේද සහයෝගය ඇතිව හැටන් නගරයේ වෙසෙන සුනඛයින්ට ආහාර ලබාදෙන අයුරු අප කැමරාවේ සටහන් විය.
හැටන් නගරයේ ආපන ශාලාවලින් ඉවතලන ආහාර සහ වෙලදසැල් වල සේවකයින් විසින් ලබාදෙන ආහාර සුනඛයින් විසින් ආහාරයට ගනු ලබයි.
හැටන් – රංජිත් රාජපක්ෂ