පරීක්ෂණ ප්‍රමාදය වැලැක්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානයක් නැහැ. පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීම සඳහා ලබාදී ඇති කිසිදු යෝජනාවක් මෙතෙක් සලකා බලා නැහැ. ඇතැම් වෛද්‍ය පරිපාලකයන් වසංගතය පාලනය, මහජනතාවගේ ආරක්ෂාව, ධාරිතාව ඉහල නැංවීම, වැනි කරුණු වලට වඩා තමන්ගේ වර්ගයා ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරමින් සිටිනවා. ඒ සදහා අත්‍යවශ්‍ය විකරණය උවමනාවෙන්ම වලක්වනවා.
එන්නත් හිගයක් ඇතිව තිබෙන්නේ මුදල් පිළිබද ගැටලුවක් නිසා නොවේ. රජයට හෝ රටක් ලෙස සිදුකරන ගනුදෙනුවකට වඩා හැකියාවක් ව්‍යාපාරිකයෙකුට තිබෙන්නට විදිහක් නැහැ.
ප්‍රනාන්දුපුල්ලේ ඇමතිනිය එන්නත් එන්නත් හිඟයට පිළියමක් ලෙස ගජමිතුරු ව්‍යාපාරිකයකුට ඉඩ හදනවාදැයි සැකයක් මතු වෙනවා.
රෝගීන් නිවසේ තබා ප්‍රතිකාර කිරීම ආවාට ගියාට කළ හැක්කක් නොවේ. ශ්‍රී ලංකා ඉතිහාසයේ මහජනතාවට හෝ සෞඛ්‍ය සේවාවට එවන් අද්දැකීමක් නැහැ. ඊට අදාළ යාන්ත්‍රණය විධිමත්ව සැකසීමකින් තොරව එවන් තීරණයකට පරිවර්තනය වීම මගින් මහජනතාව බරපතළ අවදානමකට ලක් වේ. ඒ නිසාම මේ ක්‍රියාවලියට පෙර ඉතා පැහැදිලි මාර්ගෝපදේශයක් සහ පෙර සූදානමක් හුරු කළ යුතුය.
පරිත්‍යාගශීලී න්ට, පරිත්‍යාග කරන ලෙස ප්‍රසිද්ධ ඉල්ලීමක් සිදු කළ ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ චක්‍රලේඛ වලට අනුව පරිත්‍යාග තහනම්ය. පරිත්‍යාග ලෙස ලබා ගත් PCR විශ්ලේෂක යන්ත්‍ර පමණක් රසායනාගාර වල තිහකට අධික ප්‍රමාණයක් ගොඩගැසී ඇති නමුත්, එය ප්‍රයෝජනයක් නැති මුදල් නාස්තියක් බවට පත්ව ඇත.
පරිත්‍යාග කිරීමෙන් අධික මිලට ප්‍රතික්‍රියක විකිණීමත්, අවශ්‍ය උපකරණයට වඩා ඇතැම් විශේෂඥයන්ගේ මනදොල පිනවීමත්, හේතුවෙන් එය අනවශ්‍ය උපකරණ ගොඩ ගැසීමක් බවට පත්ව ඇත.
එබැවින් පරිත්‍යාග සිදු කරන්නේ නම් කළයුතු උපකරණ ලයිස්තුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සියළු පාර්ශවකරුවන්ගේ තාක්ෂණික කමිටුවක් මගින් පූර්ව වශයෙන් තීරණය කර තිබිය යුතුය.
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය