Aboutceylon Online

සතොසේ රු.5000හේ සහන මල්ල

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් දිවයින පුරා සංචරණ සීමා පැනවීමට රජය විසින් ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ ලබා දීමේ යාන්ත්‍රණයක් සැකසීම පිළිබඳ සාකච්ඡාවේදී ගත් තීරණය පරිදි මේ වන විට නිරෝධායනයට ලක් කර ඇති පවුල් සහ වසංගතය පැතිර යාම උග්‍ර බවට හඳුනාගනිමින් ‍මේ වන විට හුදකලා කර  ඇති ප්‍රදේශ වල ජනතාවට අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 20ක් ඇතුළත් රු.5000/=ක් වටිනා සහන මල්ලක් ලබා දීමට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි සතොස ආයතනය විසින් කටයුතු සලසා ඇත.

මෙරට පවත්නා වසංගත තත්වය හමුවේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම සහන මල්ල බෙදා හැරීමේ කටයුතු ඒ ඒ ප්‍රදේශයන් අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ප්‍රදේශයේ ග්‍රාමසේවා නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් විසින් සිදු කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව මෙම භාණ්ඩ ඇතුළත් සහන මලු අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිකුත් කිරීමට පමණක් සතොස අලෙවිසැල් ජාලය  හා සමූපකාර අලෙවිසැල් ජාලය විවෘතව තැබේ.

මෙම සහන මල්ල සඳහා ඇතුළත් වන භාණ්ඩ මෙසේය.

1.   සුදු නාඩු සහල්    10kg 8. හාල්මැස්සන් (තායි) 500g 15. දෙවැනි බත 350g
2.   රතු කැකුළු සහල් 5kg 9. බී ළූණු 3kg 16. නූඩ්ල්ස් 1kg
3.   පාන් පිටි   3kg 10. තේ කොළ 200g 17. ක්‍රීම් ක්‍රැකර් බිස්කට් 500g
4.   අල(දේශීය)   3kg 11. ගම්මිරිස් 100g 18. මාරි 300g පැකට් 1
5.   රතු පරිප්පු     2kg 12. ලුණු කැට 1kg 19. මුහුණු ආවරණ 10
6.   සුදු සීනි කිලෝ 1kg 13. මිරිස් කුඩු 200g 20. විෂබීජ නාශක දියර 100ml
7.   දුඹුරු සීනි කිලෝ 1kg 14. සෝයා මීට් 90g  පැකට් 02  
Scroll to Top