අද හෙට සහ අනිද්දා යන දින 03 පුරා රටතුළ සියලු සංචරණයන් තහනම් වනවා. මෙම සංචරණ සීමා පැනවීම සිදුවූයේ ඊයේ රාත්‍රී 11 සිටයි. රට තුළ පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ජනතාවගේ සංචරණය උපරිමයෙන් සීමා කිරීම මෙහි අරමුණ වනවා.
ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරී ඇතුළු හදිසි තත්ත්වයකදී හැර වෙනත් කිසිඳු අවස්ථාවකදී කිසිඳු පුද්ගලයෙකුට නිවසින් බැහැරව යාමට අවසර හිමිවන්නේ නැහැ.
ඒ අනුව සියලු කඩසාප්පු ද මෙම දින 03 තුළ වසා දැමිය යුතුයි. කෙසේවෙතත්, ආහාර ද්‍රව්‍ය, පිසූ ආහාර හා ඖෂධ ඩිලිවරි ක්‍රමය ඔස්සේ ජනතාව වෙත ලබාදීමට අවසර ලබාදී තිබෙනවා.
ආර්ථික මධ්‍යස්ථාන හා පෑලියගොඩ මත්ස්‍ය හා එලවළු වෙළඳසැල තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කිරීමටයි අවසර ලබාදී ඇත්තේ.
ඉදිරි දිනවල සිය දෛනික කටයුතු සැලසුම් කිරීමේදී ජනතාව ඒ පිළිබඳව වැඩි අවධානයකින් කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
ඒ අනුව, හැඳුනුම්පතේ අංකවලට අදාළව එක් නිවසකින් එක් අයෙකුට පමණක් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා තමාගේ ළඟම පිහිටි වෙළෙඳසැළ වෙත පිවිසීමට අවස්ථාව පවතී.
ඊට එරෙහිව කටයුතු කරන පිරිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
තවත් කොරෝනා මරණ 24ක් වාර්තා වී තිබේ.
ඒ අනුව, මෙරට මේ දක්වා වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 892 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
ගතවූ පැය 24 ද මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,269 දෙනෙකු වාර්තා වී ඇතැයි යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.