ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්වෙන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කරනු ලැබ තිබේ.
ඒ අනුව තරගාවලිය ලබන ජූලි 30 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
ඉකුත් වසරේ පැවැති එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර දැඩි කතාබහකට ලක්වුණා. ඒ, ජෛව බුබුළු ක්‍රමවේදය යටතේ කොරෝනා අවදානම මධ්‍යයේ වුවද, සාර්ථකව පැවැත්වූ තරගාවලියක් විම හේතුවෙන්. එහිදී කණ්ඩායම් 05 ක් තරග වැදුනු අතර සියලු තරග හම්බන්තොටදී පැවැත්වුණා.
මේ අතර කොරෝනා ව්‍යාප්තිය මධ්‍යයේ ඉන්දියාවේදී ආරම්භ වූ IPL ක්‍රිකට් තරගාවලිය අතරමග නතර කිරීමට සංවිධායකයින්ට ඉකුත් දා සිදුවූයේ ක්‍රීඩකයින් ඇතුළු කාර්යය මණ්ඩලයේ කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්.
මේ අතර බංග්ලාදේශයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය හිමිවී තිබේ.
එම කණ්ඩායමේ නායකත්වය කුසල් ජනිත් ට හිමිවී ඇති අතර උපනායකයා වන්නේ කුසල් මෙන්ඩිස් ය.
එක්දින ජාත්‍යන්තර තරඟ 3ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම 16 වැනිදා බංග්ලාදේශය බලා පිටත්වීමට නියමිතය.