Aboutceylon Online

කොත්මලේ  ඇගළුම් කර්මාන්ත ශාලාවක 69 දෙනෙකුට කොවිඩ්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පුඩළුඔය පොලිස් වසමට අයත් කොත්මලේ නියංගංදොර ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක නිලධාරින් සහ සේවකයින් 69 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා එම ඇගළුම් කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දමා එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බව කොත්මලේ සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක බන්දුල වික්‍රමසිංහ මහතා පැවසිය.

එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 850 දෙනෙකු පමණ සේවය කරන බවත්, ඉන් 799 දෙනෙකුගෙන්  සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාව අනුව එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් , නිලධාරින් ඇතුළු 69 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

අසාදිතයන් අතර රියදුරෙකු සිටින බවත්, අසාදිතයන් කිහිප දෙනෙකු දිස්ත්‍රික්කයෙන් පිට ප්‍රදේශවල අය බවත්,අසාදිතයන් වැඩි පිරිසක් තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි බන්දුල වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

තාවකාලිකව වසා දැමු පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාව විෂබිජහරණය කර එම ඇගළුම් කර්මාන්ත ශාලාවේ පරිපාලනය සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩි දුරටත් පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top