සෞඛ්‍ය අමාත්‍යංශය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය එන්නත්කරණය වඩාත් කාර්යක්ෂම කිරීමට ඉදිරි දින කිහිපය තුළ ඩිජිටල් හැඳුනුම්පතක් මහජනතාව වෙනුවෙන් නිකුත් කරන බව පවසා ඇත.
කොවිඩ් මැඩලීමට නව තාක්ෂණය යොදාගැනීමට රජය පෙළබීම කාලෝචිත සහ අගය කලයුතු කරුණක් වුවත් ශ්‍රී ලංකා රජය ඩිජිටල් කරණයට අවශ්‍ය වන ප්‍රතිපත්ති සම්පාදනයේදී ඉතා පසුගාමී තත්වයක සිටින බවශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් අකමැත්තෙන් වුවද ප්‍රකාශ කරයි.
ඩිජිටල් සෞඛ්‍යයේදී රෝගීන්ගේ හෝ සෞඛ්‍ය සේවාව ලබාගන්නා පුද්ගලයාගේ පෞද්ගලිකත්වය සහ දත්ත වල ආරක්ෂාව තහවුරු කිරීමට බොහෝ රටවල විවිධ ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය වී තිබේ. ඇමරිකානු පුරවැසියන්ගේ සෞඛ්‍ය දත්ත ආරක්ෂාව සම්බන්ධයෙන් Health Insurance Portability and Accountability Act නොහොත් HIPAA හදුන්වා දී ඇත, යුරෝපා සමූහයේ GDPR මගින් පුරවැසියන්ගේ සෞඛ්‍ය දත්ත ඇතුළු අනෙකුත් දත්ත සදහා වගවීමක් සිදුවනු ලැබේ, ඉන්දියාවේද සෞඛ්‍ය සත්කාර දත්ත ‘සංවේදී පුද්ගලික දත්ත’ ලෙස වර්ගීකරණය කර ඇති බව උදාහරණ වශයෙන් දැක්විය හැකිය.
පෞද්ගලිකත්වයට ඇති අයිතිය මූලික මානව හිමිකමක් ලෙස ශ්‍රී ලංකාව තුල පිලි නොගන්නා අවස්ථාවක දත්ත ආරක්ෂණ පනත සහ සයිබර් ආරක්ෂණ පනත පාර්ලිමේන්තුව මගින් අනුමත නොවී ඇති අවස්ථාවක එන්නත් කරණය සදහා ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීම නොදුරු අනාගතයේදී ඇතිවිය හැකි අනතුරකට අත වැනීමක් වියහැකි බැවින් ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමට ප්‍රථම ජනතාවගේ දත්ත සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අවශ්‍ය ප්රතිපත්තීන් සහ වැඩපිළිවෙලක් සම්පාදනය කළයුතු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය රජයට පෙන්වා දෙයි.