එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂක අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම සදහා නාවලපිටිය ප්‍රදේශයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල සමාජිකයන් කිහිප දෙනෙකු අද (05) එක්සත් ජාතික පක්ෂය සමග එක් වුණා.
එක්සත් ජාතික පක්ෂයේ නාවලපිටිය ආසන බල මණ්ඩලය රැස්විම මහනුවර දිස්ත්‍රික් එජාප සංවිධායක , ව්‍යවසාය සංවර්ධන සහ කන්ද උඩරට උරුමයන් පිලිබද අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය උත්සව ශාලාවක පැවැත්විණ.
එම රැස්විමේදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල සමාජිකයන් පිරිස එක්සත් ජාතික පක්ෂය සමග එක් විණ.
එක්සත් ජාතික පක්ෂයේ ආසන බල මණ්ඩල රැස්විම නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිය මහතා විසින් සංවිධානය කර තිබුණි.
මෙම ආසන බල මණ්ඩල රැස්විමේදි අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල , මහනුවර දිස්ත්‍රික් එජාප ප.මවරුන් වන මයන්ත දිසානායක , වේලු කුමාර් යන මහතුන්ද අදහස් දැක්විණ.