Aboutceylon Online

අන්තර් පළාත් සංචරණ සීමා අද මධ්‍යම රාත්‍රියේ සිට – ආසාදිතයින් 2,624 ක් – මරණ 26 ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා පළාත් අතර සංචරණ සීමා පනවන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා කියා සිටියේ කොවිඩ් ආසාදිතයින් පිළිබඳ සැලකිල්ලට ගෙන ඇතැම් විට පළාත් ඇතුළත ද සංචරණ සීමා පැනවීමට ඉඩ ඇති බවයි.

කෙසේ වෙතත්, සීමා පැනවීමේ දී ජනජීවිතය අඩාල නොවීමට වගබලා ගැනීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන මෙන් ජනාධිපතිතුමා උපදෙස් දී ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

කෙසේ වෙතත් එම සීමා අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේදී නිවේදනය කරන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

රටේ පවතින කොවිඩ් -19 තත්ත්වය සැලකිල්ලට ගෙන දිස්ත්‍රික් අතර ද සංචරණ සීමා පැනවීමේ හැකියාවක් පවතින බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

මේ අතර කොරෝනා ආසාදිතයින් 2,624 ක් ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක් 128,530ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

ඊයේ දිනයේදී කොරෝනා මරණ 26 ක් මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 827 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනක් තුළ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූයේද ඊයේ දිනයේයි.

Scroll to Top