Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අන නොතකා 10 දිනටත් වැඩවරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
දුම්රිය සේවය අත්‍යවශ්‍යය සේවාවවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර සියළුම දුම්රිය සේවකයන්ගේ නිවාඩු අවලංගු කලද උඩරට දුම්රිය මාර්ගයේ කිසිදු දුම්රියක් අද (05) ධාවනය නොවිය.

හැටන් දුම්රිය ස්ථානයේ සම්පුර්ණයෙන්ම වසා දමා තිබු අතර , හැටන් දුම්රිය ස්ථානයේ කාර්මික අංශයේ  සේවකයින් පමණක් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සම්බන්ධ නොවි දින 10 පුරාම සේවයේ යෙදි සිටිහ.

උඩරට දුම්රිය මාර්ගයේ දින 10 තිස්සේ කිසිදු දුම්රියක් ධාවනය නොවු අතර වැඩ වර්ජනය ආරම්භයේදිම හැටන් දුම්රිය ස්ථානයේ  ගාල් කර තිබෙන දුම්රිය මැදිරි කිහිපයක් තවදුරටත් එලෙසම පවති.

වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රිය ධාවනය ඇණ හිටිම නිසා නුවරඑලිය මල් වගාකරුවන් සිය මල් කුඩු කොළඹට යවා ගැනිමට නොහැකිව දැඩි අසිරුතාවයට පත් වි සිටින අතර ,උඩරට තේ කොල දුම්රියෙන් කොළඹ ඇතුළු දිවියිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රවාහනය කරන වෙලදුන් සහ දුම්රියෙන් පැමිණෙන විදේශිය සංචාරකයන් සංචාරක නිකේතන වලට රැගෙන යන ත්‍රිරෝද රථ රියදුරන් සහ කුලි වැන් රථ රියදුරන් ආර්ථික වශයෙන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.

Scroll to Top