ඇමෙරිකාවේ සියැටෙල් හී පිහිටි වොෂින්ටන් සරසවියට අයත් සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් අධ්‍යයන ආයතනය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉහළම මට්ටමේ අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ලෝකයේ බොහෝ රටවල කොරෝනා වසංගත තත්ත්වයන් පිළිබඳව නිරන්තරයෙන් දත්ත අධ්‍යයනය කරමින් සමීක්ෂණයන් කරන මෙම ආයතනය විසින් මෙතෙක් පළ කර තිබූ වාර්තාවල තොරතුරු බොහෝ සෙයින් නිරවද්‍ය වී ඇති බව විදෙස් මාධ්‍යය විසින්ද තහවුරු කර තිබේ.
මෙම අධ්‍යනය ආයතනයේ වාර්තාව ඉදිරි මාස 04ක කාලයක් සඳහා මෙම වාර්තාව සකස් කර ඇති අතර ඔවුන් පළ කර ඇති දත්ත අනුව ශ්‍රී ලංකාව කොරෝනා වසංගත තත්ත්වයේ උපරිම අවදානමට ජූනි මාසයේ දී ළඟා වනු ඇති බව අවධාරණය කර තිබේ.
ජූනි මාසයේ වන විට ශ්‍රී ලංකාව තුළ කොරෝනා හේතුවෙන් දෛනිකව මිය යන පිරිස 200කට ආසන්න වනු ඇති බව ඔවුන් පෙන්වා දෙන අතර එහි වැඩිම අගය ලෙස ජූනි 27 වැනිදා මරණ 263ක් පමණ වාර්තා විය හැකි බවට කරුණු දක්වා ඇති අතර තත්ත්වය පාලනය කරගත නොහැකි වූවත් දෛනික මරණ 300ත් ඉක්මවා යාහැකි බව ඔවුන් පෙන්වා දෙයි.