Aboutceylon Online

ඉන්ජස්ට්‍රි වසමෙන් අසාදිතයන් 18 දෙනෙකු හමුවෙයි – නොර්වුඩ් කර්මාන්ත ශාලාවක් වැසෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හුදකලා කර ඇති නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි වතු යායේ සහ සංචරණ සිමා පනවා ඇති හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වතු යායෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වි තවත් අසාදිතයන් 18 දෙනෙකු  හදුනාගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.

හුදකලා කර ඇති සහ සංචරණ සිමා පනවා ඇති එම ප්‍රදේශ වලින් මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 25 දෙනෙකු හමු වි ඇති අතර , එම අසාදිතයන් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කර එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන්ගෙන් (06) දින සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 18 දෙනා හමු වි ඇති බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

එම අසාදිතයන් 18 දෙනාට අමතරව තම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන සෙන් ජොන් ටිලරි වතුයායෙන් අසාදිතයන් 02 හදුනාගත් බවත්, බගවන්තලාව සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 20 දෙනෙකු හමු වි ඇති බවයි බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇලළුම් කර්මාන්ත ශාලාවක්  තාවකාලිකව වසා දමා එහි අසාදිතයන්ගේ ආශ්‍රිතයන් 280 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කල බව මස්කෙලිය මහජන සෞඛ්‍ය පරික්ෂක වි.නරෙන්ද්‍රකුමාර් මහතා පැවසිය.
නොර්වුඩ් ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 20 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය විම නිසා මෙම පියවර ගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේ.

ඊයේ(10) දින වසා දැමු නොර්වුඩ් පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාව  විෂබිජහරණය කර යලි විවෘත කරන බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top