හැටන් සිට මස්කෙලිය සමිමලේ දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 පමණ ප්රපාතයෙන් වු තේ වත්තට පෙරලි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
ඊයේ (04) රාත්රි 10 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් සාමිමලේ ප්රධාන මාර්ගයේ නොර්වුඩ් වත්ත ඉහල කොටසේදිය.
අධික වේගයෙන් ධාවනය වි ඇති මොටර් රථයේ වේගය පාලනය කරගත නොහැකිව මොටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අනතුර සිදු වි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.
අනතුරෙන් මොටර් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් තුවාල සිදු වි නොමැති අතර අනතුරෙන් මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි නොර්වුඩ් පොලිසිය කියා සිටියේ.