ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් සහභාගී වන ශ්‍රී ලංකා ග්‍රේට්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු සංචිත ක්‍රීඩකයින්ගෙන් සමන්විත ටීම් ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ පන්දුවාර 20යි 20 තරගය කල් දමා තිබේ.
එය අනිද්දා(04) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
කොඩිව් අරමුදල ආධාර පිණිස එම තරගය සංවිධානය කර තිබීම විශේෂත්වයකි.
රටේ පවතින කොවිඩ් තත්ත්වයත් එම තරඟයට සහභාගීවිමට සිටි ක්‍රිඩකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් සලකා එම තීරණය ගත්බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අඟහරුවාද පැවැත්වීමට නියමිත ශ්‍රේෂ්ඨයන්ගේ ක්‍රිකට් පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ පිල අතර ක්‍රිකට් තරගයට සහභාගිවීමට නියමිතව සිටි ශ්‍රේෂ්ඨයන්ගේ පිලේ සාමාජික උපුල් තරංග ‘කොවිඞ්’ ආසාදිතයකු යැයි තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.