Aboutceylon Online

ප්‍රබල අකුණු – කාලගුණෙන් අනතුරු ඇගවීම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන මි.මී. 100 ට වැඩි තද වැසි සහ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ද ඇතිවිය හැක.

නැගෙනහිර සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා එයි. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළං ගිනිකොණ දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-45) දක්වා වැඩි විය හැක.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වන අතර සෙසු මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර පොතුවිල් සිට මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවලස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

Scroll to Top