දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස අතිවිශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර තිබේ.දුම්රිය ධාවනය, දුම්රිය හා දුම්රිය මාර්ග නඩත්තුව , ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, සංඥා පද්ධති හා මෙහෙයුම් ඇතුලු දුම්රිය සියළු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස නම් කර ඇත.
ඊයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් අරඹන සෑම දුම්රියකටම පොලිස් ආරක්ෂාව යෙදවා ඇත. වර්ජනයේ නිරත දුම්රිය සේවකයින් කිහිප දෙනෙකු මේ වනවිට රාජකාරී සදහා එක්වී ඇති බව සදහන් වෙයි.
වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති තවදුරටත් වර්ජනයේ නිරත වනවාද නැද්ද යන්න අද පෙරවරු 10.30 ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග පවසයි.