පවතින කොරෝනා අවධානම නොතකා ඊයේ දිනයේ මෙන්ම අද දිනයේද කතරගම පුජා නගරය සැදැහැවතුන්ගෙන් පීරි ගොස් ඇති බව ආරංචි මාර්ග සදහන් කරයි . මේ හේතුවෙන් කතරගම නගරය ආශ්‍රීතව දැඩි අවධානම් තත්ත්වයක් මතුව ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස සැදැහැවතුන් පැමිණිම සහ ඇතිව තිබෙන අවධානම් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරන ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ටද මේ වන විට විවිධ බලපෑම් එල්ල වෙමින් තිබෙනවා.
කතරගම දේවාලයන්හි කපු මහතුන් සහ මහා දේවාලය අසල පිහිටි විහාරස්ථානයක හිමිනමක් මෙලෙස කතරගම පුජා නගරයේ ඇති තොරතුරු හෙලි නොකරන ලෙස මාධ්‍යවේදීන්ට බලපෑම් කර ඇති බවත් වාර්තා වෙයි.