අලුත් අවුරුදු සමයේදී බහුතර ජනතාවක් සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකිරීමේ ප්රථිඵලයක් ලෙස අද වනවිට කොරෝනා වසංගතයේ භයානක තත්වයකට රට පත්ව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඉදිරි කාලසීමාවේදී මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහල යාමේ ඉතා අවදානම් තත්වයක් ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් එස්. එම්. ආර්නල්ඩ් මහතා අවධාරණය කළේය.
ඉදිරියේදි හුදෙකලා කෙරෙන ප්‍රදේශ වැඩි විය හැකි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.