Aboutceylon Online

විශාල කොවිඩ් පොකුරු මතුවෙයි – රාජ්‍ය බැංකු, වෙළෙඳසැල් පොකුරු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඹට තදාසන්න නගර කිහිපයක කොව්ඩ් ආසාදිතයින් වාර්තා වන බවත් නැවත වරක් ප්‍රදේශ කිහිපයකින් ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් තිබෙන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ මෙරට තුළ කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් තිබිම නිසා විශාල කොවිඩ් පොකුරු මතුවීමේ අවදානමක් මතුව ඇති බවයි.

මහරගම පමුණුව වෙළෙඳසැල් කිහිපයකින් කොවිඩ් – 19 ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

මේ වන විට ආසාදිතයින් හඳුනාගත් පමුණුවේ වෙළෙඳසැල් දෙකක් වසා දමා ඇති බව කොවිඩ් – 19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේය.

රාජ්‍ය බැංකුවක සේවකයින් 70 දෙනෙකු පමණ කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම බැංකුවේ කොළඹ, බදුල්ල, ගාල්ල, අම්බලන්ගොඩ සහ කෑගල්ල ශාඛාවලින් එසේ ආසාදිතයින් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

තවත් රාජ්‍ය බැංකු සේවකයකුට කොරෝනා වයිරසය ඇසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගින් කළුතර රාජ්‍ය බැංකුවක් ඊයේ (20) දහවල් සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව කළුතර ජාතික සෞඛ්‍ය වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පවසයි.

හපුතලේ රජ්‍ය බැංකු කළමනාකාරිණීය කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග එම ශාඛාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව හපුතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය කියයි.

බැංකු ශාඛාව තාවකාලිකව වසා දමා කළමනාකාරිනියගේ සමීපතම ආශ්‍රිතයින් වන එහි සේවකයින් නවදෙනෙකු ස්වයං නිරෝධයනයට ලක් කළ බවද සෞඛ්‍ය සේවා කාර්යාලය සඳහන් කරයි.

Scroll to Top