වසර පනහක සිට ආනයනය කර ඇති අධික විෂ සහිත තහනම් හා කල් ඉකුත් වී ඇති කෘෂි රසායන දියර හා ඝන ද්‍රව්‍ය ටොන් තිහකට ආසන්න ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයේ හා මහඉලුප්පල්ලම රජයේ ගොවිපොළේ ගබඩා කර ඇති බව වාර්තා වේ.
ඉන් ටොන් අටක් පමණ මහඉලුප්පල්ලම ගොවිපොළේ ඇති අතර ඉතිරි ප්‍රමාණය අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන දහයක පමණ ගබඩා කර ඇති බව වාර්තා වේ.
1970 වනවිට කෘෂි රසායනික රජය මගින් ආනයනය කර ඇති අතර පසු කාලයේ පෞද්ගලික අංශය මගින් ආනයනය කර තිබියදී අත්අඩංගුවට ගත් තහනම් විෂ සහිත කෘෂි රසායනික මේ අතර වේ.
මෙම කෘෂි රසායන පරිසරයට නිරාවරණය වුවහොත් දැඩි ගැටලුවක් පවතින බවත්, ඒවා පොළොවට, ජලයට, වායුවට එක් වුවහොත් දැඩි පරිසර හානියක් සිදුවිය හැකිය.