අන් කවරදාකටත් වඩා පරිසරය ආරක්ෂා කිරීම සහ ගස් වැල් සුරකීම සම්බන්ධයෙන් රටේම අවධානය යොමු වී ඇති මොහොතක සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ පැළ සිටුවීමේ නැකත අද(16) පෙරවරුවේ යෙදී තිබේ.
මතු පරපුරත් පරිසරයත් වෙනුවෙන් තම පුරවැසි වගකීම් ඉටු කිරීමට ලක්වාසීන් එක් වුණේ නැකැත් පත්‍රයේ දැක්වුණු පරිදි අද පූර්වභාග 06.40 ට නැගෙනහිර දිශාව බලා සුබ නැකතිනි.
නැකැත් පත්‍රයේ දැක්වෙන්නේ අප්‍රේල් මස 17 වෙනි සෙනසුරාදා පූර්ව භාග 07.16 ට දකුණු දිශාව බලා හිසට නුග පත් ද පයට කරඳ පත් ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි නුග පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවී බවයි.
නව වසරේ රැකි රක්ෂා සඳහා පිටත්වයාමේ නැකත යෙදී ඇත්තේ ලබන සඳුදා (19) පූර්ව භාග 6.39 ටය.