වසර දෙකකට ආසන්න කාලයක් බිඳ වැටී තිබු ගිණි කෙලි කර්මාන්තයේ පිබිදිමක් මේ වසරේදී දැකගත හැකි බව ගිණිකෙලි කර්මාන්තකරුවන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ පාස්කු ප්රහාරය සහ කොවිඩ් වසංගතය හේතුවෙන් ගිණි කෙලි කර්මාන්තයට ඉකුත් සමයේ දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.
වෙඩි බෙහෙත් ලබා දීමේදී පනවා තිබූ දැඩි කොන්දේසිද මේ වන විට ලිහිල් කර තිබීම කර්මාන්තයේ පිබිදීමට බලපෑ ප්රධාන කරුණක් බවද ගිණි කෙලි කර්මාන්තකරුවන් පවසනවා. අලුත් අවුරුදු සමයත් සමග වැඩි වශයෙන් දැල්වෙන ගිණි කෙලි කර්මාන්තය පිළිබඳ කළ සොයා බැලීමකදී ඔවුන් මේ බව පැවසුවා. මේ, සමස්ථ ලංකා ගිණිකෙලි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති දිනේෂ් ප්රනාන්දු.
ඔහු කියා සිටියේ ඉකුත් සමයේ බිද වැටි තිබු ගිණිකෙලි වෙළදපොලද මේ වන යිත යථා තත්ත්වයට පත් වෙමින් ඇති බවයි.
ගිණිකෙලි පිළිබඳ සොයා බැලිමේදී අවුරුදු සමයේ ගිණිකෙලි හේතුවෙන් සිදුවන අනතුරුද අමතක කළ නොහැකියි. ගතවූ වසර දෙකට පෙර සෑම වසරකම පාහේ අවුරුදු සමයේ ගිණීකෙලි අනතුරු බහුලව සිදු වුණා. ගෙණිකෙලි කර්මාන්තකරුවන් පවසන්නේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම නිෂ්පාදන අලෙවිය සිඝ්රයෙන් ඉහලගොස් තිබුණද ගිණි කෙලි දැල්විමේදී ඉතා සුපරික්ෂාකාරීව එය සිදු කරන ලෙසයි.