බ්‍රිතාන්‍යයේ Marylebone ක්‍රිකට් සමාජයේ (MCC) නව සභාපතිවරයා ලෙසින් ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර අද (01) දින වැඩ භාර ගනු ලැබීය. අද සිට වසරක කාලයක් සඳහා සංගක්කාර මෙම තනතුර හොබවනු ඇත.
ක්‍රිකට් ක්‍රීඩාවේ නවාතැන (Home of Cricket) ලෙසින් හැඳින්වෙන ලෝර්ඩ්ස් ක්‍රීඩාංගණයේ අයිතිය මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේ නීතිරීති සම්බන්ධ භාරකාරීත්වය පවතින්නේ Marylebone ක්‍රිකට් සමාජය යටතේය.