තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු සඳහා කළමනාකරණ කමිටුවක් පත් කරනු ලැබ තිබේ.
ඒ, අතිවිශේෂ ගැසට් පත්‍රයකින් ය.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 39 – (1) වගන්තිය යටතේ තමා වෙත පවරා ඇති බලතල ප්‍රකාරව මෙම කළමනාකරණ කමිටුව පත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන්ය.
කමිටුවේ සභාපතිවරයා මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතායි.
ඈෂ්ලි ද සිල්වා මහතා ලේකම් ධුරයටත්, සුජීව මුදලිගේ මහතා භාණ්ඩාගාරික ධුරයටත් පත් කර තිබේ.
නීතිඥ උචිත වික්‍රමසිංහ මහතා කමිටුවේ සාමාජිකයෙකු වන අතර, අමල් එදිරිසූරිය මහතා එහි නිරීක්ෂකයෙකි.
2021 අප්‍රේල් මස 06 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම කමිටුව පත් කළ බවත් ගැසට් නිවේදනයේ සඳහන් ය.
2021 මැයි මස 20 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පවත්වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු කරගෙන යෑම සඳහා මෙම කමිටුව පත් කළ බවද එහි දැක්වේ.