ලොවපුරා කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහ සිකුරාදා දිනය අදයි.
විමුක්තිදායකයාණන් වන ජේසුස් වහන්සේ කුරුසියේ දිවි පිදීමේ යාගය සිහිපත් කරමිනුයි කිතුනු බැතිමතුන් අද දිනය සමරනු ලබන්නේ.
අද දිනය විශේෂ වන්නෙ පසුගිය ඉරිදායින් ආරම්භ වූ ශුද්ධ වූ සතියේ සුවිශේෂී දිනය ලෙසයි, අද දිනය සැලකෙන්නේ. ජේසුස් වහන්සේ කුරුසයක් මත ඇණ ගසා මරණයට පත් කෙරුණේ, කල්වාරි කන්දේ සිටයි. කිතුණු බැතිමතුන් දෙව් මැඳුරුවලට දී අද සුවිශේෂී දේව මෙහෙයන්ට එක්වෙමින්, එම දුක්ප්‍රාප්ති අවස්ථාවල දී අද සුවිශේෂී දේව මෙහෙයන්ට එක්වෙමින්, එම දුක්ප්‍රාප්ති අවස්ථාව සිහිපත් කරයි. නමුත් ලෝකයේ ඇති වී ඇති තත්ත්වය නිසා මේ වන විට ජනතා එකරාශි වීම් වළකා ඇත.
යේසුස් ක්‍රිස්තූන් වහන්සේ ජෙරුසලමට ජයග්‍රාහීව පැමිණීම සිහිපත් කරමින්, ශුද්ධ වූ සතිය, පසුගිය ඉරිදායින් ආරම්භ කෙරිණ. කිතු සමිඳුන් පාවාදීම සිහි කෙරෙන මහා බ්‍රහස්පතින්දා දිව්‍ය පූජාවන්, ඊයේ සෑම දෙව් මැඳුරකදීම සිදු කෙරේ.
ඒ ක්‍රිස්තූන් වහන්සේ ගෝලයන් දෙළොස්දෙනාගේ පා දෝවනය කරමින්, අවසන් රාත්‍රී භෝජනයට එක් වූ අවස්ථාව සිහිපත් කරමින්. ක්‍රිස්තූන් වහන්සේ සිය ජීවිතය පූජා කිරීමෙන් අනතුරුව, උන් වහන්සේගේ සිරුර කිසිවෙකු තැන්පත් නොකරන ලද ගල්ගුහාවක තැන්පත් කරනු ලැබීය. දින තුනකට පසු එනම් ඉරු දින උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටීම හෙවත් උත්ථානයවීම කිතුණු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් සමරයි.
මහසිකුරාදා දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුභාශිංසන පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
පරිත්‍යාගශීලී ජීවිතයක වටිනාකම මෙන්ම ධෛර්යය හා ශක්තිය ජීවිතයට ළගා කරගතහැකි අධ්‍යාත්මික මාර්ගය මෙනෙහි කිරීමට අද වැනි දිනයක් සියලු දෙනාට එකසේ වැදගත් බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ජීවිත ආදර්ශය තුළ සැබෑ ජීවන වෙනසක් අත්දකිමින් අන්යේනය ප්‍රේමයෙන් යුතුව දිවි ගෙවීමට කිතුනු ජනතාවට හැකිවේවායි මහින්ද රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා කරනවා.