කොළඹ නගරයේ කණු මතින් ඉදිවෙන නව දුම්රිය මාර්ග පද්ධතිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
කොළඹ නාගරික කලාපය ආවරණය වන පරිදි කණු මත ඉදිවන දුම්රිය මාර්ග පද්ධතියක් පෞද්ගලික හා රාජ්‍ය හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කරන්නටත්, සමස්ත කොළඹ නාගරික කලාපයම ආවරණය වන පරිදි දුම්රිය මාර්ග හතරක් ඉදිකිරීමටත්, රජය තීරණය කර ඇති බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.
කොළඹ පවතින මාර්ග තදබදයට විසඳුමක් ලෙස මෙම මාර්ග ඉදිවීමට නියමිත බවත්, මෙම දුම්රිය මාර්ග රක්ත, හරිත, නීල හා දම් නමින් හැඳින්වීමට නියමිත බවත්ය.
කිලෝ මීටර් 42ක් දිග රක්ත දුම්රිය මාර්ගය රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වාත්, හරිත දුම්රිය මාර්ගය කිලෝ මීටර් 28ක් දිග වන අතර මොරටුවේ සිට නාරාහේන්පිට හරහා කැළණිය දක්වාත්, කිලෝ මීටර් 23ක් දිග නීල දුම්රිය මාර්ගය කොට්ටාවේ සිට ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වාත්, දම් දුම්රිය මාර්ගය වරාය නගරයේ සිට බොරැල්ල හරහා අතුරුගිරිය දක්වාත් දිවයන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.