Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සුළි සුලගින් හානී වූ නිවාස සදහා වන්දි මුදල් කඩිනමින්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අනුරාධපුර , රාජාංගනය යාය 06 හා 07 ප්‍රදේශය හරහා හමා ගිය සුළඟකින් හානියට පත් නිවාස යථා තත්වයට පත් කිරීම සඳහා වන්දි මුදල් කඩිනමින් ලබා දීමට අවශ්‍ය කටයුතු කරන ලෙස  ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක  රාජ්‍යය  අමාත්‍ය, දුමින්ද දිසානායක මහතා නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.

වර්ෂාවත් සමඟින් රාජාංගනය යාය 06/07  ගම්මානය හරහා හමා ගිය සුළි සුලගින් නිවාස  75  කට ආසන්න ප්‍රමාණයක්  පූර්ණ හා අර්ධ හානි හානිය පත් ව ඇත.ගස් කඩා වැටීමෙන් නිවාස වල වහල හා විදුලි කණු වලට හානී සිදුව ඇත.

රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා හානිය පත් නිවාස පිළිසකර කර ගැනීම සදහා වන්දි මුදලින් අත්තිකාරම් මුදලක් කඩිනමින් ලබා දෙන ලෙස හා සිදු වී ඇති හානි කඩිනමින් ඇස්තමේන්තු කරන ලෙස අනුරාධපුර දිස්ත්‍රික් ආපදා කළමණාකරන නිළධාරීන් දැනුම්වත් කරනූ ලැබීය.

හානියට පත් සෑම නිවාසයක් සදහා රුපියල් 10 000 ක වන්දි අත්තිකාරම් මුදලක් ලබා දෙන ලෙසත්, හානි වූ සියලු නිවාසන්හි හානිය ඇස්තමේන්තුව කඩිනමින් සිදු කිරීමටත් රාජ්‍යය  අමාත්‍යය දුමින්ද දිසානායක මහතා උපදෙස් දුන්හ.

වැසි සහිත කාළගුණයත් සමගින් හමා ආ දැඩි සුළගින් නිවාස 75  ක පමණ සෙවිලි කර තිබූ ඇස්බැස්ටෝ සෙවිලි සීට් , තහඩු , උළු ගැලවී ගොස් ඇති අතර,  නිවාස තුළ වූ ගෘහ භාණ්ඩ විශාල ප්‍රමාණයකටද හානි සිදුව  තිබිණි, ගස් කඩා වැටීමෙන් ප්‍රදේශයේ විදුලිය ඇණහිට තිබී ඇති අතර, ගමනා ගමන කටයුතු වලටද බාධා සිදුව තිබිණි.ඒ සියල්ලම මේ වන විට යථා තත්වයට පත් කෙරෙමින් පවති.

හානි වූ නිවාස නිරීක්ෂණය සදහා එම ගම්මාන වෙත ගිය අමාත්‍යයතුමන් හානියට පත් නිවාස සියල්ලම නිරීක්ෂණය කර හානියට පත් නිවැසියන්ගේ අවශ්‍යතාවන්ද විමසා බැලීය.ඒ අනුව නිවැසියන් ඉල්ලා සිටියේ කඩිනමින් නිවාස පිළිසකර කර ගැනීම සඳහා  වන්දි මුදල් ලබා දෙන ලෙසයි.

ඒ අනුව අදාළ පුර්ණ වන්දි මුදල් දින කීපයක් තුළ කඩිනමින් ලබා දෙන ලෙස අමාත්‍යයතුමන් නිළධාරීන්ට උපදෙස් ලබා දුන් අතර, බිද වැටී ඇති විදුලි සම්බන්ධතාවන් කඩිනමින් ලබා දෙන ලෙසද විදුලි බල මණ්ඩල නිළධාරීන්ට උපදෙස් ලබා දුන්හ.

Scroll to Top