ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය (02N-11N,83E-93E) ආශ්‍රිතව පහල වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයන් හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 55-65 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශය ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.
අරාබි මුහුදු ප්‍රදේශය(00-08N,64E-78E) ආශ්‍රිතව පහල වායුගෝලයේ පවතින කැළඹිලි තත්ත්වයන් හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ තද වැසි ඇතිවිය හැකි අතර සුළං වේගය ක්ෂණිකව (පැ.කි.මී. 60-70 පමණ) ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශය ක්ෂණිකව රළු වීමට වැඩි හැකියාවක් පවතී.
නාවික හා ධීවර ප්‍රජාවගෙන් (විශේෂයෙන්ම බහුදින ධිවර යාත්‍රාවලට) මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ
සබරගමුව, දකුණු, බස්නාහිර, මධ්‍යම සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.
උතුරු ,උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැක.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.