ඉහළ කොත්මලේ ජලාශයේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් සොයාගත් බව තලවාකැලේ පොලීසිය පවසයි.
අවුරුදු 30-35 ත් අතර වයසේ පසුවන මෙම කාන්තාවගේ මල සිරුර හමු වූ අවස්ථාවේ රතු හා කහ වර්ණ මිශ්ර මල් සහිත ගවුමක් ඇඳ සිටි බව පොලීසිය පවසයි.
මළ සිරුර සම්බන්ධව මහේස්ත්රාත් පරික්ෂණය නුවරඑළිය දිසා අධිකරණයේ මහේස්ත්රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතව තිබුණි.