Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තෙවන කොරෝනා රැල්ලත් ආරම්භ වෙලා ද?

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එන්නතට මුල් තැන දෙමින් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ අවම කළහොත් එය මෙරට තෙවන කොරෝනා රැල්ලක ආරම්භය විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම තත්ත්වය එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට බලපෑ හැකි බවයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය සඳහන් කළේ. මේ අතර, ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 314ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 90,514 දෙනෙකු දක්වා ඉහළ ගියා.

එමෙන්ම, කොරෝනා මරණ 5ක් ද ඊයේ දිනයේ වාර්තා වූ අතර ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 551ක් දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් සමස්ත කොරෝනා ආසාදිතයින් 29,312 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17,838 දෙනෙකුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6562කුත් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

 

Scroll to Top