Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගෙවී ගිය ටයර් සහිතව ධාවනයේ යෙදෙන වාහන හිමියන්ට දැනුම් දීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ගෙවී ගිය ටයර් යොදා ධාවනය කරන රථ වාහන සඳහා සහන කාලයක් ලබාදීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

ගෙවී ගිය ටයර් මාරු කිරීම සදහා සහන කාලයක් ලබා දෙන අතර එම කාලය තුළ ඒ සඳහා පියවර නොගතහොත් මෝටර් රථවාහන පනතේ 224 වගන්තිය යටතේ නීතිමය පියවර ගැනීමට තීරණය කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර මෙරට සිදුවන රිය අනතුරුවලට මුලික හේතුවක් ලෙස වාහනවල පවතින දෝෂ සහිත තත්ත්වයන් හඳුනාගෙන තිබිම හේතුවෙන් අඛණ්ඩව ඊයේ(22) දිනයේ සිට දින තුනක කාලයක් වාහනවල ගෙවී ගිය ටයර පරීක්ෂා කිරීමට මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

ඒ අනුව ගෙවී ගිය ටයර සහිත වාහන සොයා අද සිට දිවයින පුරා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලෙසට පොලිස් මුලස්ථානය විසින් විශේෂ නියෝගයක් ලබා දී ඇති බව පැවසීය.

ගෙවී ගිය ටයර සහිත රථවාහන වරදක් සම්බන්ධයෙන් වරදකරුවන පුද්ගලයෙකුට රු 3500ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද , එවැනි වාහනයකින් යම් අයෙකුට තුවාල සිදුවුවහොත් සාමාන්‍ය තුවාල සිදුකිරීමේ දඬුවමට අමතරව රු 25,000ක දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

Scroll to Top