Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අපේ සතුට වෙනුවෙන් කරපු ඒ හැම කැපකිරීමකටම හදවතින්ම ස්තුතියී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්වරුනි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

“රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීයස්“ 20 යි 20 ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවි ලකුණු 181 ලබා ගැනීමට සමත්විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පන්දුවාර 20 තුලදි කඩුලු 7 ක් දැවි 167ක් ලබා ගැනීමට සමත්විය.

තියුණු තරගයක් දැක බලා ගැනීමටත් මිලියන 20කට අදික තරගය සජීවීව නැරඹු ඉන්දියානූ ප්‍රේක්ෂයන්ව අවසන් පන්දුව තෙක් ජයග්‍රණය සදහා බලා සිටිමටත් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ප්‍රබල සටනක නිරත වීම කැපී පෙනින.

අතිවීශිෂ්ඨ පිතිහරඹයක් දියත් කරමින් සනත් ජයසූරිය පන්දු 35 කදි ලකුණු 43 ක්ද චින්තක ජයසිංහ වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින්  පන්දු 30කදි ලකුණු 40ක්ද ප්‍රවේගවත් පිතිහරඹයක් දියත් කල කෟෂලය වීරරත්න පන්දු 15කදි ලකුණූ 38ක් ලබා ගැනීමට සමත් විය.

ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් ක්‍රිඩා කල පතාන් සහෝදර යුවල නොවන්නට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කුසලානය රැගෙන යනු නොඅනුමානය. පන්දුවෙන් හා පිත්තෙන් දෂ්කම් දැක්වූ ඔවුන් ඉන්දියාවේ ක්‍රිකට් විරුවන්ය.

ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් යූසූෆ් පතාන් නොදැවී ලකුණු 62 රැස් කළ අතර යුවරාජ් සිං පන්දු 41 මුහුණදෙමින් ලකුණු 60ක් රැස් කළේය.

ඒ අනුව ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 14ක ජයක් ලැබීය.

වසර 6කට පසුව ශ්‍රී ලංකාවට කිර්තියක් ගෙනදීමට හැකි වූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට අපේ උත්තමාචාරය පුදකරමු. ඔවුන්ට තවත් තරගමාලාවකට සහභාගි වීමට ශක්තිය ධෛරයය ලැබේවායි අපේ පැතුමයි.

තරුණ ක්‍රීඩයන්ට ආදර්ශයක් සපයමින් ක්‍රිකට් ලෝවේ සුපිරි තරු ක්‍රීඩා කල තවත් තරගමාලාවක නිමාව සනිටුහන් වීම ප්‍රේක්ෂකයින්ට ඉමහත් පාඩුවකී.

අපේ සතුට වෙනුවෙන් කරපු ඒ හැම කැපකිරීමකටම හදවතින්ම ස්තුතියී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්වරුනි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පරාජිය මාවතට තිත තැබීමට හැරවුම් ලක්ෂයක් ලෙස මෙම තරගමාලාව දෙස හැරිබලා ගත යුතු ලෙජන්ඩ්ස්ලගේ සුපීරි දක්ෂතා උකහා ගනීවී යැයි අපේ පැතුමයි.

නැවතත් හැකි ඉක්මනින් මෙවන් තරගාවලියක් පැවැත්වීමට හැකිවේවායි අපි පාර්ථනා කරමු.

 

 

Scroll to Top