අසරණ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම (චෙක් එක) සහ ඉන්දියාවේ දස්කම් දක්වමින් සිටින අති දක්ෂ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම(කුසලානය) අතර, කොරෝනා අරමුදල් රැස් කිරීමේ පුණ්‍යාධාර ක්‍රිකට් තරගයක් එළැඹෙන අප්‍රේල් මුල් සතියේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සූදානම් වෙයි.
විදුලි ආලෝක ධාරා මැද විස්සයි 20 තරගයක් ලෙස පැවැත්වෙන මෙයින් ලැබෙන ආදායම කොරෝනා මර්දන ජාතික ව්‍යාපාරයට අරමුදල් රැස් කිරීමේ තරගයක් ලෙස පැවැත්වීමට ක්‍රීඩා ඇමැතිවරයාගේ අදහස වී ඇතැයි සඳහන් වෙයි.
වසරකට පසු ප්‍රේක්ෂකයන්ට තරගයක් නැරඹීමේ පහසුකම් සලසා දීමට ද සූදානම් වේ.
ඒ අනුව ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් සියයට 50කට තරගය නැරඹීමට අවස්ථාව උදා වනු ඇතැයි විශ්වාසයක් පවතී.
ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම රෝඩ් සේෆ්ටි විස්සයි20 ලෝක තරගාවලියේදී දිගින් දිගටම දස්කම් දක්වන අතර දිගින් දිගටම පරාජයෙන් පරාජයට පත්වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ජය ගතහොත් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට හතර විලි ලැජ්ජාවක් ඇති වනු නොඅනුමානය.
තරග සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග තරගාවලි කිහිපයක් හෝ සංවිධානය කර අපේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ලෙජන්ඩ්ස්ලාගේ දක්ෂතා විශීෂ්ඨ හැකියාවන් උකහා ගැනීමට සැලැස්වීමට කටයුතු කරන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමු.
ඒ වගෙම නියත වශයෙන්ම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම චෙක් එක පස්සේ දුවන කණ්ඩායමක් නොවි කුසලානය පස්සේ දුවන කණ්ඩායමක් බවට පත්වෙවි.