ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව තවමත් බිම ඇනී නැති නමුත් මේ යන ක්‍රමයට ගියොත් ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා නරක තත්ත්වයට යනවා මිස හොඳ තත්ත්වයට එන්නේ නැතැයි තමන් ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව 1996 ලෝක කුසලාන දිනාගත් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග මහතා පැවසීය. රණතුංග මහතා එසේ කීවේ 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේ රිදී ජුබිලිය සැමරීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේදී පැවැති රාජ්‍ය උත්සවය අමතමිනි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය ඊයේ පෙරවරුවේදී පැවැත්විණ.
ජාතික උත්සවයකදී මෙවැන්නක් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයාගෙන් සමාව ඉල්ලා සිටින බවත්, එසේ නොකළේ නම් ලෝක කුසලාන ජයග්රහණයෙන් පසුව වසර 25 ක් ගතවී ගියත් 96 ක්‍රීඩකයන්ට ආදරේ කරන ක්‍රිකට් ලෝලීන් හමුවේ තමන් ද වැරදිකාරයෙක් වන බවත් රණතුංග මහතා වැඩිදුරටත් කීවේය.
එබැවින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව දැනට වැටී තිබෙන අගාධයෙන් ගොඩගෙන, අගමැතිවරයාගේත් ක්‍රීඩා ඇමතිවරයාගේත් නායකත්වයෙන් නිවැරදි පාලනයක් සමග ඉදිරියට යාමට කටයුතු සලස්වා දෙන්නයි හිටපු ශ්‍රී ලංකා නායකයා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය.
අරලියගහ මන්දිරයේදී පැවැති මෙම උත්සවයට 1996 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයෝ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝත්, 1996 සිට මේ දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සිටි නිලධාරීහු රැසක් මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ කිහිප දෙනෙක්ද ආරාධනා ලැබ සිටියහ. 1996 දී ක්‍රීඩා ඇමතිවරයාව සිටි එස්.බී. දිසානායක මහතාද ආරාධිතයන් අතර සිටියේය.
අර්ජුන රණතුංග මහතා ඊයේ අරලියගහ මන්දිරයේදී කළ සම්පූර්ණ කතාව මෙසේය.
ගරු අගමැතිතුමනි, 1996 දී අපි ලෝක කුසලානය දිනන විට හිටපු ක්‍රීඩා ඇමතිතුමා, නියෝජ්‍ය ක්‍රීඩා ඇමති තුමා, අමාත්‍යවරුන්, 96 ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිතුමා ඇතුළු සියලු දෙනාත්, අද මේ ස්ථානයට පැමිණිලා සිටින, අපේ කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ පවුල්වල අයත්, දෙමාපියන්ගෙනුත්, ආරාධිත සියලු දෙනාගෙනුත් අවසරයි.
ගරු අගමැතිතුමනි,
ඔබතුමා මේ ආරාධනය මට එවපු වෙලේ, මා ඉතාමත් ආදරෙන් ඒ ආරාධනාව පිළිගත්තේ ඔබතුමා ඒ දවස්වල, අපි ජාත්‍යන්තරයේ එතරම් ප්‍රසිද්ධ නැති දවස්වල, ක්‍රිකට් ක්‍රීඩාවේදී අපි වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච කෙනෙක් නිසා.
මෙහෙම කිව්වට තරහා වෙන්න එපා…
“මහින්ද අයියා” කියන චරිතයට තියෙන ගරුත්වයක් හැටියට තමයි මමත්, මේ කණ්ඩායමත්, මේ ආරාධනාව පිළිගත්තේ. හැබැයි මට මතකයි ඔබතුමා, මම විශ්‍රාම යන දවසෙත් ඒ අවසාන උත්සවයට ඇවිල්ලා මට ලබාදුන්න ගෞරවය. ඒ විතරක් නෙමේ.. අපි, ක්‍රීඩකයෝ, අවුරුද්දකට සැරයක් හම්බවෙන හැම වෙලාවකම, ඔබතුමන් අපි වෙනුවෙන් විශාල දායකත්වයක් ලබලා දුන්න. ඒකේ ගෞරවය තියන්නත්, ඔබතුමන්ට ස්තුති කරන්නත් මම මේක අවස්ථාව කරගන්නවා.
අවුරුදු 25 ක් ගතවෙලත්, මේ රටේ හැමදෙනාටම මේ දවස අමතක වෙලා නෑ…
අපි සියලු දෙනාටම, පසුගිය දවස් කීපයේදීම මාධ්‍ය වලිනුත්, විවිධ උත්සවවලටත් ආරාධනා කළා. එහිදී අපට තේරුම් ගියේ මේ ක්‍රිකට් කණ්ඩායමට, මේ රටේ, තාම ඒ ආදරය – ගෞරවය තියෙනවා කියලයි. මා ඒ ගැන ආඩම්බර වෙනවා.
මම ඉස්සෙල්ලාම කණ්ඩායම ගැන පොඩ්ඩක් කියන්න ඕන ගරු අගමැතිතුමනි. මම වැඩි වෙලාවක් ගන්නේ නෑ.
මට හම්බවුණේ රටට ක්‍රීඩා කරපු, තමන්ගේ වාර්තා වලට වඩා, මුදල් වලට වඩා, කැපවීම් කරපු ක්‍රීඩකයෝ 14 දෙනෙක්. මම හිතනවා මට වාසනාවක් ලැබුණා, ඒ කණ්ඩායමට නායකත්වය දෙන්න. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ හතර දෙනෙකුත්, තරුණ ක්‍රීඩකයෝත් එක්ක, මේ ආපු ගමන ඒ තරම් සුන්දර ගමනක් නෙමේ. අපිට කෙණිහිලිකම් ඇතිවුණා…ප්‍රශ්න ඇතිවුණා. පරිපාලනයේ ප්‍රශ්න ඇතිවුණා.
මේ සියල්ලටම මුහුණ දීලා, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වුණ අපි පස්දෙනා, මේ පීඩනය, කිසිම දවසක තරුණ ක්‍රීඩකයන්ට යන්න ඉඩ දුන්නේ නෑ. ඒ හරහා අපිට පුළුවන් වුණා සහෝදරයෝ ටිකක් වගේ, එක පවුලක් වගේ, යුද්ධයක් තියෙන රටක, ඒ යුද්ධය තිබිද්දිත් රටට ගෞරවයක් ගේන්න අපි 14 දෙනාට ඒ ලැබච්ච වරම, මම හිතනවා, අපි කවදාවත් අමතක කරන්නේ නෑ.
අද ක්‍රිකට් ගැන කතාකරන්න ගියොත්, මේ වේදිකාව කොයි පැත්තට යයිද දන්නේ නෑ. හැබැයි මං ඇතුළට එනකොට, සමහර අයව දැක්කාම මට හැරිලා යන්නත් හිතුණා ගරු අගමැතිතුමනි.
ඒකත් මං කියන්න ඕන.
මොකද ක්‍රිකට් මේ තත්ත්වෙට ගේන්න, අපිට 96 ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ අපි 14 දෙනා හින්දාම නෙමේ. ඒ දවස්වල තිබුණ පරිපාලනය. ඒ වගේම දේශපාලන අධිකාරිය අපිට කවදාවත් අත දාන්න ගියේ නෑ. අපට බලපෑම් කරන්න ආවෙ නෑ. අපිට නිදහසේ අපේ ක්‍රිකට් ක්‍රීඩාව කරන්න දුන්නා. ක්‍රීඩා ඇමතිතුමයි නියෝජ්‍ය ඇමතිතුමයි (1996 සිටි) මෙතන ඉන්නවා.
ඒ වගේම පරිපාලනයත් අපිට බර පැටෙව්වේ නෑ. අපිට ක්‍රීඩා කරන්න දුන්නා. ඒ අපු ගමනේදී, මම අතීතයට ගිහිල්ලා මතක් කරන්න ඕනේ අපිට ඉස්සෙල්ලා ක්‍රීඩා කරපු ක්‍රීඩකයෝ.
සතාසිවම්ලා, මයිකල් තිසේරලා, සී.අයි. ගුණසේකර, සී. එච්. ගුණසේකර, (බෙන්) නවරත්න, අනුර තෙන්නකෝන්, රංජිත් ප්‍රනාන්දු, කෙහෙල්ගමුවලා, අනුරුද්ධ පොළොන්නෝවිටලා,… වගේ ජ්‍යෙෂ්ඨයන්. නම් අඩුපාඩු වෙන්න පුළුවන්.
ඒ ආපු ගමනේදී, ටෙස්ට් තත්ත්වය ලබනකොට, බන්දුල වර්ණපුර, දුලිප් (මෙන්ඩිස්), රෝයි (ඩයස්), සිදත් වෙත්තමුණිලා, රන්ජන් (මඩුගල්ලේ) වගේ අය ගෙනාපු බැටන් පොල්ල (යෂ්ඨිය) අපට දුන්නා. මටයි අරවින්දටයි. අපි දෙන්නා මේ යෂ්ඨිය අරගෙන ගියේ සෑහෙන ක්‍රීඩකයෝ ගොඩාක් එක්ක.
ඒ අපු ගමනේ මම ඒ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට, සමහර අය අද ජීවතුන් අතර නෑ, ඒ සියලු දෙනාටම මගේ ගෞරවය මේ වෙලාවේදී පුද කරන්න කැමතියි.
අපි ලෝකයක් දිනාගත්තත්, අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය අද කොයි පැත්තටද ගිහින් තියෙන්නේ කියන එක අපි කතාකරන්න ඕනෙ. කල්පනා කරන්න ඕනේ. අපි එක පැත්තකින් වාර්තා පිහිටුවනවා වගේම අද පරිපාලනයේත් හොඳ වාර්තා පිහිටුවනවා.
අද ලෝකේ කොහේවත් නැති, තරග පාවාදීම (වැළැක්වීමේ) කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවලා තියෙනවා. ඉස්සර කිව්වේ පාකිස්තානය තමයි ක්‍රිකට් දූෂණ වලට මූලික වෙච්ච රට කියලා. හැබැයි කවදාවත් ඒ රටවලවල දූෂණ මර්ධන කාර්යාලයක් විවෘත කළේ නෑ. ඒත් අපේ රටේ දූෂණ මර්ධන කාර්යාලයක් විවෘත කරලා තියෙවා.
ඒ වගේම තමයි, අපි දැක්කා පසුගිය කාලවල්වල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ට මොන වගේ සලකනවාද කියලා. මං දන්නවා අපේ කණ්ඩායමේ හිටපු පුහුණුකරුවන්ට මොන වගේ සැලකුවාද කියලා.
මේක ජාතික උත්සවයක් වුණත්, මම මේගැන නොකිව්වොත්, මමත් ලොකු අඩුපාඩුවක් තියලා තමයි අද ගෙදර යන්නේ. මොකද මට ඇතුළට එනකොට එක වෙලාවකදි හිතුණා හැරිලා යන්න ඕනද…? මේ මිනිස්සුත් ඉන්නවානේ මෙතන කියල.
මම මේ පෞද්ගලික තරහකට නෙමේ මේක කියන්නේ. සමහර දේවල් අපට කරන්න පුළුවන්. සමහර දේවල් කරන්න බෑ. කරන්න බැරිවෙනකොට දැනගන්න ඕන පැත්තකට වෙලා කරන්න පුළුවන් කෙනෙකුට ඒක කරන්න බාරදෙන්න. ඒක මගේ දැක්ම… මගේ හැටි…. මම දන්නෑ අනිත් අයගේ හැටි… මට ලැජ්ජාවක් තියෙනවා.
ඉතිං ඒක හින්දා, මේ ක්‍රිකට් ක්‍රීඩාව අද කොහෙද ගිහින් තියෙන්නේ කියලා හොයල බලන්න වෙනවා. මම දැක්කා ගරු අගමැතිතුමනි පසුගිය දවස්වල කෝප් කමිටුවට ගිහින් මොන වගේ මුහුණ දුන්නද කියලා…. මේ 96 කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන්ට මොන වගේ සැලකුවද කියන එක ගැන, මේ පරිපාලනය.
මම ඔබතුමන්ගෙන් ඉල්ලීමක් කරනවා පුළුවන් නම් හරි කොමිසමක් පත්කරලා, පසුගිය කාලෙදි ක්‍රීඩාවට වෙච්ච දේ – වෙච්ච විනාශය හොයලා බලන්න. නවත්තල දෙන්න කියලා.
මේ රටේ මුදල් පිටරටවලට යනවා. මේ රටේ හොඳම මිනිස්සු ටික පිටරටවලට යනවා. පුහුණුකරුවෝ අතහැරලා යනවා. අපි පිටරට ඉන්න කුණුගොඩවල් මෙහෙට ගෙනල්ල, විශාල මුදලක් දීල, ඒ මිනිස්සුන්ගේ සී.වී.එකේ (ජීව දත්ත වාර්තාව) තොරතුරු දාගෙන යන්න දෙනවා. අපේ දක්ෂ පුහුණුකරුවෝ ඕන තරම් ඉන්නවා. අපිට පස්සේ ක්‍රීඩා කරපු අයත් ඉන්නවා.
මම හිතන්නේ මේ ලෝකේ පිතිකරුවන්ට උගන්වන්න අපේ තරම් හොඳ පිතිකරුවෝ කොහෙවත් නෑ. අරවින්ද වෙන්න පුළුවන්, මහේල වෙන්න පුළුවන්, මාවන් වෙන්න පුළුවන්… පරිපාලනය කරන්නත් හොඳ අය ඉන්නවා. පන්දු යවන්නන් පුහුණු කරන්නත් හොඳ අය ඉන්නවා. හැබැයි අපි කුණු ගොඩවල් පිටරටින් ගෙනල්ල, ඒ ගොල්ලන්ට විදේශ විනිමය මේ රටෙන් අරන් යන්න දීල. අපේ ක්‍රීඩකයන්ට සලකලා තියෙන හැටි, සලකන හැටි, මං හිතනවා හොයලා බලන්න ඕන කියලා.
මෙතන ක්‍රීඩා ඇමතිතුමාත් හිටියා නම් මම සන්තෝස වෙනවා. ඒත් එතුමාට එන්න බැරිවෙනවා කියල මට උදේ කතා කළා. මම ඉල්ලනවා මේ ගැන හොයල බලන්න කියලා. ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්තුමා ඉන්නවා. ඔබ දෙපල එක්කහු වෙලා, මේ ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න ඕන නම්, කරුණාකරලා මේවා ගැන හොයල බලන්න.
තාම අපි බිම ඇනිල නෑ… අපි වැටිලා විතරයි තියෙන්නේ. හැබැයි මේ යන ක්‍රමයට ගියොත් ක්‍රිකට් මීට වඩා නරක තත්ත්වයට යනවා මිසක් හොඳ තත්ත්වයට එන්නේ නැහැයි කියන එක මම ඉතාමත් වගකීමකින් ඔබ සියලු දෙනාටම ප්‍රකාශ කරනවා.
මම ඔබතුමන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා මෙවැනි දේවල් මට ජාතික උත්සවයක කියන්න සිද්ධවීම ගැන. එහෙම නොකෙරුවා නම් මේ රටේ අපිට ආදරේ කරන ප්‍රේක්ෂකයනුත් මේ වෙලේ මාව වැරදිකාරයෙක් හැටියට පත්කරන නිසා තමයි මම මේ ටික කිව්වේ.
අවසාන වශයෙන් මම ඔබතුමාට නැවත වරක් ස්තුතිවන්ත වෙනව, ඒ වගේම ක්‍රීඩා ඇමතිතුමා මෙතන නැති වුණත්, එතුමාගේ දායකත්වය, ඒ වගේම මගේ කණ්ඩායමට, (මගේ පවුලට – මගේ පවුල කියන්නේ මගේ ක්‍රිකට් කණ්ඩායම) මට දුන්න සහයෝගයට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ආනා පුංචිහේවා මහත්මයා ඇතුළු ඒ පරිපාලනයට, අපේ හිටපු පුහුණුකරුවන්ට, ඒ ආපු ගමනට දුන්න සහයෝගයට, අපේ ක්‍රීඩකයන්ගේ පවුල්වල සියලු දෙනාට, විශේෂයෙන්ම දෙමාපියන්ට, ඒ සියලු දෙනාටම මම ස්තුතිවන්ත වනගමන්, අවසාන වශයෙන් මේ රටේ සියලුම ප්‍රේක්ෂකයන්ට මම ස්තුතිවන්ත වෙනවා.
අවුරුදු 25 ක් ගියත්, අපි වෙනුවෙන් අත්පුඩි ගහපු, අදත් අපි වෙනුවෙන් කතා කරන, ඒ ප්‍රේක්ෂකයන්, තාමත් අපිට ආදරෙන් සැලකීම ගැන ස්තුතිය පළකරන අතර අපි සියලු දෙනාම ඉදිරියේදී මේ ක්‍රිකට් හදන්න, ගොඩගන්න, හරි පරිපාලනයක් එක්ක ඉදිරියට යන්න, ගරු අගමැතිතුමාගේත්, ක්‍රීඩා ඇමතිතුමාගේත් නායකත්වයෙන්, මේ ක්‍රිකට් ටික අපට හදලා දෙන්න කියල ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පය මම අවසන් කරනවා.
google input tools, lanka gossip, lanka gossip news, gossip lanka hot news, lanka hot news gossip, breaking news in sri lanka, breaking news sri lanka, breaking news srilanka, sri lanka breaking news, srilanka breaking news, breaking news sinhala, sinhala breaking news, sri lanka news, newspapers in sri lanka, newspapers sri lanka, sri lanka newspapers, lk, lanka gossip, sri lanka time, Gossip Lanka News, sri lanka map, sri lanka people, ella hotels, Ella, Nuwara Eliya, tv, lanka gossip, Breaking news, Television, Television show, gossip lanka, gossiplanka, infolanka news, news in sri lanka, news sri lanka, gossip c lanka, sri lanka gossip, hot gossip lanka, lanka news web, gossip news lanka, lanka gossip news, gossip lanka hot news, lanka hot news gossip, gossip c lanka news, gossip lanka c news, gossip lanka hiru news, hiru gossip lanka news, gossip lanka news sinhala, hiru gossip news, hiru news gossip, sinhala news today