තලෙයිමන්නාරම දුම්රිය ස්ථානය ආසන්නයේදී පෞද්ගලික මගී බස් රථයක් දුම්රියේ ගැටීමෙන් සිදු වූ අනතුරට හේතුව දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂිත දොරටු වසා නොතිබීම බවට මන්නාරම් පොලීසිය අනාවරණය කොට ගෙන ඇත.
දුම්රිය පැමිණෙන අවස්ථාවේදී දුම්රිය හරස් මාර්ගයේ රාජකාරියේ සිටි ආරක්ෂක නිලධාරියාගේ නොසැලිකිලිමත් භාවය, බස් රථය පැමිණි ප්රධාන මාර්ගය අවහිර නොකිරීම මෙන්ම බස් රථයේ රියදුරුගේ අපරික්ෂාකාරී රිය පැදවීම යන කරුණු හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට පරික්ෂණ සිදු කරන පොලීසිය විසින් අනාවරණය කොට ගෙන සිටියේය.
අදාල අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු, කොන්දොස්තර සහ දුම්රිය හරස් මාර්ග බාධකයේ සිටි ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට ගෙන පොලිස් ප්රශ්න කිරීම් සිදු කරන බවටද පරික්ෂණ සිදු කරන මන්නාරම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.