Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට සහ අනිද්දා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ වැසි ඇතිවනු හැකි බවයි.

නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවේ.

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක.

මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


google input tools, lanka gossip, lanka gossip news, gossip lanka hot news, lanka hot news gossip, breaking news in sri lanka, breaking news sri lanka, breaking news srilanka, sri lanka breaking news
Scroll to Top