කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාතේ පාරිසරික වශයෙන් අවදානම් කර්මාන්ත ශාලා 17ක් පමණ වන බවට එම ගංගාවේ දූෂණය පිළිබඳ විගණන වාර්තාවේ දක්වන්නේ යැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.
කැලණි ගඟ ආශ්‍රිතව බස්නාහිර පළාතේ කර්මාන්තශාලා 294ක පමණ බවත් එන් ඒ කාණ්ඩයේ කර්මාන්තශාලා 41ක් පරිසර ආරක්ෂණ බලපත්‍ර රහිතව පවත්වාගෙන යන බවත් හෙළි වී ඇත. කර්මාන්ත ශාලා 205ක බලපත්‍ර අත්හිටුවා ඇතැයි ද කෝප්කමිටු වාර්තාවක දැක්වෙයි.