Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මහා ශිව රාත්‍රී දිනය අදයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රී දිනය අදට යෙදී තිබේ.

මහා ශිව රාත්‍රීය සැලකෙන්නේ, දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ දිනය ලෙසය.

ලොව බලවත්ම දෙවියා කවුද යන්න පිළිබඳව විශ්ණු දෙවියන්, මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇතිවූ මත ගැටුමේදී ශීව දෙවිඳුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝක කදම්භයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයා ගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවසු බව හින්දු සාහිත්‍යයේ සඳහන් විය.

එහෙත් සූකර වෙස් ගනිමින් මිහිගැබ හාරමින් ගිය විශ්ණු දෙවියන්ටත්, හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත පියාසර කළ මහා බ්‍රහ්මයාටත් එහි දෙකෙළවර සොයා ගැනිමට හැකි වී නැත.

ඒ අනුව ලොව බලවත්ම දෙවියා ශීව දෙවියන් බවට හින්දු බැතිමතුන් විශ්වාස කරති.

මේ අතර මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ, මහා ශිවරාත්‍රී දින පහන් සිල හින්දු ජනයාගේ අධ්‍යාත්මය ආලෝකමත් කරන්නා සේම සමස්ත සමාජය පුරා සාමය සංහිඳියාව හා සතුට සාක්ෂාත් කර ගැනීමට ශිව දෙවිදුන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන බවයි.

සෞඛ්‍ය නිර්දේශවලට අනුගතව හින්දු බැතිමතුන් මහාශිව රාත්‍රිය සමරනු ඇති බවට ද ජනාධිපතිතුමා විශ්වාසය පළ කළේ ය.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද මහා ශිව රාත්‍රිය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ ප්‍රතිසන්ධානය තුළින් එක්සත්කම සඳහා වූ විශිෂ්ට ප්‍රයත්නයට ශිව දෙවියන්ගේ ආශිර්වාදය නිතැතින්ම හිමිවනු ඇති බවයි.

මිනිස් වර්ගයා අතර සංහිඳියාව හා සහජීවනය ඇතිවීමට මං පාදන පුන්‍යවන්ත දිනයක් ලෙස මෙම දිනය හැඳින්විය හැකි බව මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Scroll to Top