Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

බංගලාදේශය පැරදවූ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් අවසන් පුර්ව තරගයට(Highlights)

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරියස් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බංගලාදේශ ලෙජන්ඩ්ස්  කණ්ඩායම අතර පැවැති තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සමත් වෙයි.

ඒ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට ලකුණු 42ක විශිෂ්ට ජයක් හිමිකර ගනිමින්.

මෙම ජයත් සමග ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම අවසන් පුර්ව තරගයට සුදුසුකම්  ලබාගැනිමටත් සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 180ක් ලබා ගත්තේය.

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග නොදැවී ලකුණු 99ක් ලබා ගැනීමට සමත් විය. ක්‍රිකට් ක්‍රිඩකයකු සතු උසස් ගුණාංග සපිරමින් දැකුම්කලු පහරවල් රැසක් සමගින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල ශක්තිමත් කිරීමට ඔහුට හැකිවීම ඉන්දියානු ප්‍රේක්ෂකයන්ගේ පවා ගෞරවාදරයට පාත්‍ර විය.

තමන්ගේ ලකුණු තරකරගන්නේ නැතිව සියලු ක්‍රීඩකයන්ගේ සහය ඇතිව කණ්ඩායම් හැගීමෙන් ක්‍රිඩා කිරිමේ ප්‍රතිළුලයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණයත් ප්‍රේක්ෂක ආදරයත් දිනා ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලේ උපුල් තරංග සමත්විම විදෙස් මාධ්‍ය පවා වාර්තා කර ඇත.

උපුල් තරංග නොදැවී  ලබාගත් කුණු 99ට  හයේ පහර 5ක් සහ හතරේ පහර 11ක් ඇතුළත් වූ අතර වැයකළ පන්දු ගණන 47කි.

ටී.එම්. ඩිල්ෂාන් ලකුණු 33ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ලෙජන්ඩ්ස් පිලට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 138ක් පමණි.

අතීත දස්කම් යළි සිහිපත් කළ ටී.එම්. ඩිල්ෂාන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.

තරගයේ වීරයා සම්මානය උපුල් තරගට හිමිවිය.

ශ්‍රී ලංකික බලාපොරොත්තු ඉටුකරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිමට හැකිවේවායි ප්‍රේක්ෂකයින්ගෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට සුභාශිංසන එක් කරයි.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් සහභාගී වන මුලික වටයේ අවසන් තරගය ලබන 14 වැනිදා එංගලන්ත ලෙජන්ඩ්ස් පිල සමග පැවැත්වේ.

 

Sri Lanka Legends INNINGS (20 overs maximum)
BATSMEN R B 4s 6s SR
Tillakaratne Dilshan (c) lbw b Rajin Saleh 33 23 6 0 143.48
Sanath Jayasuriya  retired hurt 4 11 0 0 36.36
Upul Tharanga † not out 99 47 11 5 210.64
Chamara Silva  lbw b Mohammad Rafique 24 24 2 0 100.00
Farveez Maharoof  c Rajin Saleh b Mohammad Sharif 12 13 1 0 92.31
Dulanjana Wijesinghe  run out (Mohammad Sharif/Alamgir Kabir) 0 1 0 0 0.00
Russel Arnold  run out (Mohammad Sharif) 1 2 0 0 50.00
Nuwan Kulasekara  run out (Alamgir Kabir/†Khaled Mashud) 1 1 0 0 100.00
Extras (b 1, nb 2, w 3) 6
TOTAL (20 Ov, RR: 9.00) 180/6
Fall of wickets: 1-37 (Tillakaratne Dilshan, 5.3 ov), 1-43* (Sanath Jayasuriya, retired hurt), 2-96 (Chamara Silva, 12.3 ov), 3-129 (Farveez Maharoof, 16.5 ov), 4-131 (Dulanjana Wijesinghe, 17.2 ov), 5-160 (Russel Arnold, 18.4 ov), 6-180 (Nuwan Kulasekara, 19.6 ov)
BOWLING O M R W ECON WD NB
Mohammad Sharif 4 0 30 1 7.50 0 1
Alamgir Kabir 3 0 36 0 12.00 0 1
Abdur Razzak 4 0 21 0 5.25 1 0
Rajin Saleh 4 0 48 1 12.00 1 0
Mohammad Rafique 4 0 24 1 6.00 0 0
Mushfiqur Rahman 1 0 20 0 20.00 0 0
Bangladesh Legends INNINGS (target: 181 runs from 20 overs)
BATSMEN R B 4s 6s SR
Nazimuddin  c Thushara b Prasad 54 41 5 2 131.71
Mehrab Hossain  c Silva b Dilshan 27 26 3 1 103.85
Hannan Sarkar  lbw b Dilshan 2 9 0 0 22.22
Mohammad Rafique (c) st †Tharanga b Dilshan 4 10 0 0 40.00
Mushfiqur Rahman  c Dilshan b Arnold 5 6 0 0 83.33
Khaled Mashud † not out 28 22 1 1 127.27
Rajin Saleh  c Dilshan b Prasad 5 3 1 0 166.67
Javed Omar  not out 2 3 0 0 66.67
Extras (b 4, lb 3, w 4) 11
TOTAL (20 Ov, RR: 6.90) 138/6
Fall of wickets: 1-57 (Mehrab Hossain, 7.2 ov), 2-63 (Hannan Sarkar, 9.3 ov), 3-73 (Mohammad Rafique, 11.4 ov), 4-85 (Mushfiqur Rahman, 13.2 ov), 5-115 (Nazimuddin, 18.1 ov), 6-121 (Rajin Saleh, 18.5 ov)
BOWLING O M R W ECON WD NB
Nuwan Kulasekara 2 0 17 0 8.50 1 0
Dhammika Prasad 4 0 22 2 5.50 0 0
Thilan Thushara 4 0 32 0 8.00 1 0
Farveez Maharoof 4 0 15 0 3.75 0 0
Tillakaratne Dilshan 4 0 21 3 5.25 0 0
Russel Arnold 2 0 24 1 12.00 1 0

 

 

Scroll to Top