වැල්ලවත්ත, මෙරීන් ඩ්රයිව්, රාජසිංහ මාවත අසලදී මෝටර් රථයකින් පුද්ගලයින් සිව් දෙනෙක් යට කරගෙන ගොස් ඇත.
ඔවුන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මියගොස් තිබෙන බවයි පොලිසිය පවසන්නේ.
මෙම අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ සිටි 2ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනාම බීමත්ව සිට ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඔවුන් කොළඹ පිහිටි සමාජ ශාලාවකින් මත්පැන් පානය කර යළි පැමිණෙන අවස්ථාවේ මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය පවසනවා.