රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V කොවිඩ් 19 එන්නත මෙරට තුල හදිසි භාවිතයට අවසර ලැබී තිබෙනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් මෙම අවසරය දී ඇති බවයි ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ.
ඒ අනුව ස්පුට්නික් V එන්නතද කඩිනමින් මෙරටට ගෙන්වා ඒ මහජනතාව වෙත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා කියා සිටියා.