Aboutceylon Online

අධි අවදානම් නොවන කොළඹ සහ ගම්පහ කලාපවලට එන්නත නැහැ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත්කරණය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ කණ්ඩායම් අනියුක්ත කර තිබේ.

ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් මතයි.

වසංගත රෝග විද්‍යා ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක්, ප්‍රාදේශීය සෞඛ්‍යය බලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් සහ ප්‍රජා පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායම් එලෙස ක්‍රියාත්මකය.

අධි අවදානම් ලෙස හඳුනා ගෙන ඇති ග්‍රාම නිලධාරී වසම්වල පදිංචිකරුවන් නොවන කිසිදු පුද්ගලයෙකුට කොරෝනා මර්දන එන්නත්කරණයට අවස්ථාව ලබා නොදෙන්නැයි සියලු අංශ වෙත දැනුම් දී ඇති බවයි.

එන්නත් මාත්‍රා ප්‍රමාණයන් සැලකිල්ලට ගෙන ඉදිරියේදී සෙසු ප්‍රදේශවලට හා සෙසු කණ්ඩායම් වෙත ද එන්නත්කරණයට පියවර ගන්නා බව ද ඔහු අවධාරණය කළේ ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, අධිඅවදානම් ලෙස හඳුනා ගත් ග්‍රාම සේවා වසම්වල වයස අවුරුදු 30 ට වැඩි, වසමේ ස්ථීර පදිංචිකරුවන්ට සහ තාවකාලික පදිංචි බවට තහවුරු කළ හැකි පුද්ගලයින්ට පමණක් කොරෝනා මර්දන එන්නත්කරණය සිදුවන බවයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල මේ වනවිට හඳුනා ගෙන ඇති අධිඅවදානම් ග්‍රාම නිලධාරීන් වසම් සංඛ්‍යාව 25 කට අධික වේ.

 

Scroll to Top