Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පකිස්ථානයේ භූ චලන – 19ක් මරුට – 300කට තුවාල (photos)

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පකිස්ථාන නැගෙනහිර ප්‍රදේශයේ  කාශ්මීරයේ මීර්පූර් නගරය ආසන්නයේ හටගත් ප්‍රබල භූ චලනයෙන් පුද්ගලයින්  19ක් මිය ගොස් 300කට අදික පිරිසක් තුවාල ලබා ඇත.මෙම භූ චලනයේ ප්‍රබලත්වය සටහන් වූයේ, මැග්නිටියුඩ් ඒකක 5.8ක් ලෙසට ය.

පාකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් ඇතුළු නගර 14කට භූමි කම්පාව බලපා ඇතැයිද වාර්තා වේ.මීර්පූර්හි නිවාස සහ ගොඩනැගිලි ගණනාවකට හානි සිදුව ඇති බවත්, මාර්ග පිපිරී විනාශ වී ඇති බවත්, මාර්ගවල සිදුවූ පැලීම් සහ පිපිරුම්වලට රථවාහන පතිත වී ඇති බවත් බලධාරීහු පවසති.

භූ චලනයේ බලපෑම පකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර සහ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට ද දැනී ඇතැයිවිපතට පත් වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් සදහා පකිස්ථාන සෙබළ කණ්ඩායම් යොදවා තිබිණි.

 

 

 

Scroll to Top